බස්හිනාහිර පළාතේ සියනෑ කෝරලයේ ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සුන්දර ගම් පියසක් වන වැබඩ නම් ග්‍රාමයේ පිහිටි විශිෂ්ට විද්‍යායතනයක් ලෙස බප/කැල/ වැබඩ උතුර විද්‍යාදීප මහා විද්‍යාලය හදුන්වා දිය හැකිය. වර්ෂ 1946 රජයේ පාසලක් ලෙස ඇරඹි මෙම පාසල පසුව කණිෂ්ට විද්‍යාලයක් බවටත් පසුව මහා විද්‍යාලයක් බවටත් පත්ව තිබේ. වර්තමානයේ අර්ධ නාගරික වටපිටාවකින් සුසැදි රමණීය ගම් පියස තුල වෑබඩ උතුර ප්‍රදේශය හා වෑබඩ බටහිර යන ග්‍රාමසේවා වසම් දෙකෙහිම දරුවන්ට සිප් සතර බෙදා දෙන ප්‍රග්ඥාවේ පහන ලෙසට වෑබඩ උතුර විද්‍යාදීප මහා විද්‍යාලය පෙන්වා දිය හැකිය. වර්තමානයේ කලා,වාණිජ අ.පො.ස (උ/පෙළ) පන්ති පවත්වමින් සිසුන් දහසකට ආසන්න සංඛ්‍යාවකට විෂය ඥාණය බෙදා හරිමින් ඉතා විශිෂ්ට සේවයක නිරත වේ . විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුලළ ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුළත් වේ.
නැණ ගුණ පිරි දක්ෂ දු පුතුන් පිරිසක් මගින් යහපත් සමාජයක විශිෂ්ටත්වය කරා එළඹීම .
විවිධ වීභව්‍යතා ශක්තීන් මතුකර ගත් පූර්ණ පෞරුෂත්වයකින් හෙබි මතු අභියෝග ජයග්‍රහණය කිරීමට සමත් මනු ගුණදම් අගයන විශිෂ්ට පුරවැසියන් ලෙසට සොඳුරු දූ පුතුන් ලොවට දායාද කිරීම.