විද්‍යාදීප මහා විද්‍යාලය-වෑබඩ උතුර

ගුරුඋපහාර උළෙල 2023

ගුරුඋපහාර උළෙල 2023

ගුරුඋපහාර උළෙල 2023

school.jpeg
school.jpeg

                                           පාලන හා විනය නීති රීති 

 

      1.අවම වශයෙන් උදැසන 7.15 වන විට පාසලට පැමිණිය යුතුය.

  1. පන්තියේ නියමිත වැඩ සටහන අනුව පංතිය පිරිසිදු කිරීමට නියමිත සිසුන් විසින් පිරිසිදු කිරීම් කටයුතු පෙ.ව. 7.25 වන විට සිදු කළ යුතු ය .
  2. පාසල තුළ සිටින සියලු ම දෙනා අනිවාර්යයෙන් ම උදෑසන ආගමික වතාවත්වලට සහභාගී විය යුතු ය.
  3. උදෑසන මල් පුජාව නියමිත පංතියේ සිසුන් පෙ.ව 7.15 වවන විට ඒ සඳහා සුදානම් විය යුතු ය.
  4. සිසුන් වෙත ලබා දි ඇති ශිෂ්‍ය වාර්තා පොත දිනපතා ම පාසලට රැගෙන ආ යුතු අතර, එහි සිසුන් හා දෙවුපියන් විසින් සම්පුඋර්ණ කළ යුතු කොටස් සියල්ල නිසි  පරිදි  සම්පුඋර්ණ කර තිබිය යුතු ය. තම අනන්‍යතාවය තහවුරු කිරීමට ඡායාරුපය එහි අලවා විදුහල්පති අත්සන එහි තැබිය යුතු ය.  
  5. පාසලට පැමිණි පසු මොන ම හෙතුවක නිසාවත් පාසල් නිමවන තුරු විදිමත් අවසරයකින් යුතුව පාසලෙන් බැහැර නොයා යුතුය.
  6. පාසල් වේලාව තුලදී සියලුම සිසුන් පන්ති කාමර තුල ම රැදී සිට කල සටහනට නියමිත පරිදි ඉගෙනුම් කටයුතුවල යෙදිය යුතු ය.
  7. පාසැල තුළ පුස්තකාලය,විද්‍යාගාරය ,සෞන්දර්ය හෝ තාක්ෂණික විෂයන් සදහා කණ්ඩායම් වශයෙන් ගමන් කිරීමේදී දකුණු පසින් එක් පේළියකට ගමන් කල යුතුය.
  8. විවේක කාලයේදී හැර වෙනත් කිසිම කල පරිච්චේදයක දි ආපන ශාලාවේ රැදි නොසිටිය යුතු යි..
  9. පාසල් වේලාවෙන් පසු සහ නිවාඩු දිනවලදී විෂය සමගාමී කටයුතුවලට සහභාගී වන සිසුන් ඒ සඳහා දෙමව්පියන්ගේ සහ විෂය සමගාමී කටයුතු භාර ආචාර්යවරයාගේ විඩිමත් අවසරයක් ලබා තිබිය යුතු අතර ,විධිමත් අවසරයකින් තොරව කුමන හේතුවක් නිසාවත් පාසල් කාලයෙන් බාහිර ව පාසල තුළ රැඳී නොසිටිය යුතු ය.
  10. ක්‍රීඩා කටයුතු සඳහා පාසල නියෝජනය කරමින් බැහර වන ඇ සිසුන් ක්‍රීඩාව සඳහා අදාළ වූ ඇඳුම්වලින් හෝ විද්‍යාලිය සාමාන්‍ය නිල ඇඳුමෙන් සහභාගී විය යුතු ය.
  11. පාසලට පැමිනිමේදී හා පාසලෙන් බැහැරව යාමේදී පාසල් වෑන් රථය / බස් රථය වැණි පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමේදී සෑමවිටම පාසලේ ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු ය.
  12. සියලු දෙනාම විද්‍යාලයේ ගෞරවය රැකෙන පරිදි ප්‍රිය වචන කතා කළ යුතු ය.
  13. පොලිතින් පාසල් භූමියට රැගෙන එම සම්පුර්ණයෙන් තහනම් වන අතර සිසුන් දිව ආහාරය රැගෙන ඒමේදී එයට කෑම පෙට්ටියක් භාවිතා කළ යුතු ය.
  14. විද්‍යාලයීය ක්‍රීඩා උත්සව හෝ සමිති සමාගම් විසින් පවත්වනු ලබන උත්සවවලද්දී බිත්ති,තාප්ප,ගේට්ටුව,විද්‍යාලයීය මාර්ගය අතුළු පරිසරයට හානි නොවන පරිදි ප්‍රචාරක කටයුතු කිරීමට වග බලා ගත යුතු ය.
  15. සියලුම සිසුන් නියමිත නිල ඇඳුමෙන් සරසි පාසලටා පැමිනිය යුතු අතර විෂය භාහිර කටයුතුවලට පැමිණෙන සියලුම සිසුන්ද නිල ඇඳුමෙන් පැමිණිය යුතු ය.
  16. 6,7,8 ශේණිවල සිසුන් ඔරලෝසු පැළදීම නොකළ යුතු ය.
  17. කරමාල ,බ්‍රේස්ලට්,මුදු හෝ අත් පලදනා නොපැලදිය යුතු ය.එසේ උවද විවිද අපල සදහා යැය් කියමින් ඇතැම් සිසුන් වෙශේෂ අවසර ලබා මුදු හා සුර පලදිති.එවැනි සිසුන් ඒ සදහා ලිකිත අවසර ලබා ගත යුතු අතර ඒ බව ශිෂ්‍ය වාර්තා පොතෙහි සටහන් කර විදුහල්පති/නියෝජ්‍ය විදුහල්පති අත්සන ලබා ගත යුතු ය. සුර පැලදිය යුත්තේ කළු නුලකය.
  18. පාසල තුලට අනවශ්‍ය හෝ නොගැලපෙන ලිපි ලේකන පුවත්පත් කැසට් පට සිඩි හෝ ඩිවිඩි තැටි හා වොක්මන් යන්ත්‍ර,ජංගම දුරකථන ගෙන ඒම ද සම්පුර්ණයෙන් ම තහනම් වේ.
  19. විදුහල්පති වශයෙන් මාවිසින් දෙනු ලබන උපදෙස් ක්‍රියාත්මක කිරීම අචාර්ය මණ්ඩලයේ සහා ශිෂ්‍ය නායක මණ්ඩලයේ සහා පන්ති නායකයන්ගේ වගකීම බැවින් ඔවුන් විසින් කරනු ලබන මග පෙන්වීම් වලට අවනතව ක්‍රියා කිරීමට සැම ශිශ්‍යකුටම බැදී සිටින බව අවධාරණය කරමි.