මෙරට යටත් විජිතයක්ව පැවති යුගයේ, එනම් වර්ෂ 1946 වෑබඩ උතුර කනිෂ්ට පාසලේ ආරම්භය සිදු විය. මෙම පාසල ආරම්භයට පෙර දැනට වෑබඩ දකුණ නමින් ප්‍රචලිත පුරාණ රජමහ විහාරයේ පිරිමි පාසලක් පැවති බවටත් ගැහැණු පාසලක් වෙනම පැවති බවටත් සාධක තිබේ. මෙම පාසල් දියුණු කිරීම සදහාත් අවට පරිසරය සුභදායක නොවුයෙන් "උභයාර්ථ සාධක සමිතිය" නමින් සමිතියක් පිහිටුවාගෙන එම සමිතිය මගින් දැනට පාසල පිහිටි භූමි භාගයේ පොල් අතු පැලකින් පාසල ආරම්භ කළ බවට සාක්ෂි ලැබී ඇත.
දැනට විදුහලේ ඇති දෛනික වාර්තා අනුව පොල් අතු පැලෙන් ආරම්භ වූ පාසල ස්ථීර ගොඩනැගිල්ලක් ලෙස තනා රජයට පරිත්‍යාග කරනු ලැබුවේ 1946.03.01 බවට සටහන්ව ඇත.මෙදින ආරම්භක විදුහල්පති වශයෙන් එම්.ලියනෝරිස් මහතා වැඩ භාරගෙන ඇත.ආරම්භයේදී ගුරුවරුන් 6ක් හා සිසු දරු දැරියන් 108 දෙනෙකුගෙන් යුක්ත වුහ .1946.06.13 දින පාසලේ දෛනික වාර්තා වලට අනුව එංගලන්ත මහරජ තුමාගේ උපන්දින උත්සවයක් මෙම පාසලේ පවත්වා ඇත.මෙම පාසල යටත්විජිත සමයේදීද තිබූ බවට සාධකයකි.
පාසල ආරම්භයෙන් අවුරුදු 2 කට පසුව මුළු මහත් ලංකාවටම අරුනළු උදාවූ ඒ රුවන්මය දිනය එනම් 1948.02.04 දින නිදහස් දිනය උදා විය.එදින පාසලට නිවාඩු දී නිදහස් දිනය ඉංග්‍රීසි හා සිංහල බෞද්ධ දජ නංවා උත්සව ශ්‍රීයෙන් නිදහස සමරා ඇත.
1952 වසරේ එම් . ලියනෝරිස් විදුහල්පතිතුමා විශ්‍රාම ගැනීමත් සමග ටී.බී හේරත් මහතා විදුහල්පති දුරයට පත්විය .මෙම යුගය පාසල් ඉතිහාසයේ ස්වර්ණමය යුගය ලෙස දක්වා ඇත.ආරම්භක සිසුන් ගණන මෙන් තුන් ගුණයක් පමණ සිසුහු වුහ.ගුරු මහත්ම මහත්මීන් දස දෙනෙකුගෙන් සමන්විත වුහ. 1957 දී මුළු සිසුන් ගණන 390ක් වුහ. 1957 මැද භාගය වන විට සිසුන් ගණන 406ක් ද ගුරු මණ්ඩලය 13ක් ලෙසද වර්ධනය වුහ. 1959 දි පාසල් පරීක්ෂණ මහත්වරුන්ගේ සටහන් වලට අනුව පාසල දුර්වල තත්වයකට වටී ඇති බව පෙනේ. 1962 වසරේදී තවත් පාසල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු සංවිධානය කර ඇත.
1961 දී පාසලෙන් මුල් වරට එක් ශිෂ්‍යාවක් අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියත් 1962.02.15 වන තුරුත් ඇයගේ ප්‍රතිපල නිකුත් වි නොතිබිණි. 1965 වන විට සිසුන් ගණන 434 පමණ වුවත් , මෙම කාලය පාසලේ අදුරු කාලයක් ලෙස හැදින්වේ.
1968.02.01 දින ටි.බි.අරනෝලිස් මහතා විදුහල්පති ධුරයට පත්විය. එතුමාගේ වැඩ භාර ගැනීමෙන් මාස හතරක් වැනී කාලයකදී අත්කම් භාණ්ඩ ප්‍රදර්ශනයක් පවත්වා නිදාසිටි පාසල මදක් පුබුදුවා ඇත. 1972.02.15 දින පත්වූ ඩබ්.ඒ. ගුණසේකර මහතාගේ මුඋලිකත්වයෙන් පාසලේ ගුරු දෙගුරු සමිතිය අරභා ඇත.1972.05.22 දින ශ්‍රී ලංකා ජනරජ දිනය අරඹනු වස්.ජාතික කොඩිය ඔසවා උත්කර්ශවත් උත්සවයක් පවත්වා ඇත.
1973.10.13 දින පාසලට යාබද කේ.ඒ.සොපි නෝනා මහත්මියගේ ඉඩම පාසලට පවරාගෙන එහි තවත් ගොඩනැගිල්ලක් ඉදි කරවිය.1979 වන විට මහර මණ්ඩලයේ විදුහල් අතරින් ඉතා ඉහළ දියුණුවක් ලබා තිබුණි . 1983.07.15 දින පත් වූ එස්.කස්තුරිරත්න මහතා පාසලට ක්‍රමානුකුල නිල ඇදුමක් සැකසීමත් අවට පරිසරය අලංකාර කිරීමත් පාසල් වත්ත පාසල් උයනක් බවට පත් කිරීමත් සිදු කළේය.පාසලේ සිසුන්ට ඉමහත් අඩුපාඩුවක් ව පැවති සිඟිති උයනක්ද,ජාල හා විදුලිබල පහසුකම් ලබා ගැනීමත්,විදුහල්පති කාර්යාලයත් ඉදිකර ගැනීමත් මෙම වකවානුවේ කැපීපෙනෙන කාර්යයන් විය.
පාසලට මහත් අඩුපාඩුවක්ව පැවතී ක්‍රීඩා පිටිය ඉදි වුයේද මේ කාලයේදීය. මේ වනවිට අංගසම්පුර්ණ පෙරදිග තුර්යවාදක කණ්ඩායමක් විද්‍යාලය සතු විය.මෙම කණ්ඩායම අවට ප්‍රදේශවල තිබූ උත්සව ගණනාවකටම සහභාගී වෑබඩ උතුර කනිටු විදුහල් නාමය තවදුරටත් ප්‍රසිද්ධ කරවන ලදි.1985 දී ප්‍රථම වරට නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් පැවැත්වීම පාසල් ක්‍රීඩා ඉතිහාසයේ වැඳගත්සංදධිස්ථානයකි.කස්තුරිරත්න මහතා සෑම පොහෝ දිනකටම පෙර දින ගමේ විහාරස්ථාන වලින් එකකට සිසු දැරුවන් කැටුව ගියහ.මහාපරිමාණ සීල ව්‍යාපාර හා භක්ති ගීත සංදර්ශන පැවැත්වුහ.1991.01.01 දිනෙන් මොහුගේ සේවා කාලය අවසන් විය.
මෙතුවක් පාසලේ උප විදුහල්පති වරයාව සිටි නිහඩ සේවයක් කළ රවීන්ද්‍ර ධර්මප්‍රිය ගුරුතුමා විදුහල්පති ධූරය භාර ගත්තේය.1991.12.21 දින අඩිතාලම දැමූ දෙමහල් ගොඩනැගිල්ලද 1991 .12.21 විවුර්ත කරන ලද කුඩා විදයගාරයක මොහුගේ කැපවීම මත පාසලට් ලැබුණු තවාත් දායාදයන්ය.වෑබඩ උතුර සාම විනිසුරු ජී.ඒ.එම්.විජේරත්න මැතිතුමා පාසලට ක්‍රිඩා පිටියක හා පාසලට අත්‍යවශය පුස්තකාල ගොඩනැගිල්ක් පරිත්යාග කර ඇත.





